ගැහැණු ළමයි 4 දෙනෙක් කාමරේ මැරිලා හිටියා.යෝෂිත නාමල්ගේ හික්කා පාටිය

ගැහැණු ළමයි 4 දෙනෙක් කාමරේ මැරිලා හිටියා.යෝෂිත නාමල්ගේ හික්කා පාටිය

අතීතයේදී හික්‌කඩුව වූ කලී ශ්‍රී ලංකාවේ අතිශය සුන්දර වෙරළ තීරයකට හිමිකම් කියන ඉතා අහිංසක සංචාරක පුරවරයකි. සුපිරිසිදු සිනිදු සුදු වැලි තලාවකින් සුසැදි වෙරළ තීරයකිනුත් ඊට ඔබ්බෙන් වූ සුනිල දිය පිරි නොගැඹුරු මුහුදු තීරයකිනුත් ඊටත් එපිටින් වූ අලංකාර ස්‌වාභාවික කොරල් පරයකිනුත් ඒ කොරල් අතර නිරතුරුව සැරිසරන විසිතුරු මත්ස්‍ය සම්පතකිනුත් පොහොසත් මේ වෙරළ තීරය හොයා එදා ලෝකයේ සතර දිග් භාගයෙන් බුරුතු පිටින් සංචාරකයෝ ලංකාවට ආ බව අපට හොදාකාරවම මතක ඇත.
එදා එසේ බුරුතු පිටින් ලංකාවට ඇදී ආ සංචාරකයෝ ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරයේ අප්‍රමාණ සෞන්දර්යයෙනුත් ශ්‍රී ලංකාවාසීන්ගේ කරුණා පරවශ ආදරබර සැලකිල්ලෙනුත් අමන්දානන්දයට පත්ව වසරක්‌ පාසා යළි යළිත් මෙහි පැමිණීම පුරුද්දක්‌ කරගත් බව ද අපට මතකය.
මේ සියලු කතා අතීතයට අයත් ඒවාය. දශක තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ අපේ රටේ අනාගතය විනාශ කළ රුදුරු යුද්ධයේ බයංකාර දුමාරයේ අන්ධකාරයෙන් හික්‌කඩුව ද වැසී ගියේය. සංචාරක කර්මාන්තය ජීවිකාව කරගත් ව්‍යාපාරිකයන්ට හා හික්‌කඩුවේ ජනතාවට අවසානයේ යන එනමං නැති වූවේය. කොරේ පිටට මරේ කියන්නාක්‌ මෙන් සුනාමියද පැමිණ හික්‌කඩුව සමතලා කර දමා ගියේය.
පසුගිය රජයේ සංචාරක අමාත්‍යාංශයේ මඟ පෙන්වීම මත සංචාරක මණ්‌ඩලය විසින් හික්‌කා 2009 සැණකෙළිය සංවිධානය කළේ මහින්ද රාජපක්ෂගේ පුතුන්ගේ ආශාවන් මුදුන් පත් කර ගැනීම සදහාය.අතේ ඇති තරම් සල්ලි වියදම් කර කන්නට, බොන්නට මුහුදෙ නාන්නට නිදහසේ පෙම් කරන්නට රාත්‍රියට ඩී. ඡේ. නටන්නට හැකි වෙන කිසිවෙකුටත් ඇතුළු විය නොහැකි ආරක්‌ෂිත කලාපයක පැවැත්වෙන වෙන කවර දිනෙකවත් නොවූ විරූ අන්දමේ සැණකෙළියක්‌ හික්‌කඩුවේ පැවැත්වෙන බවට ආරංචිය පැතිර යන්නට වැඩි කලක්‌ ගියේ නැත. හික්‌කඩුව, ගාල්ල ප්‍රදේශයේ පමණක්‌ නොව, කොළඹ මහ හෝටලවල, සමාජ ශාලාවලද නගරයේ සියලුම කැරෝකේ සමාජ ශාලාවලද කොල්ලන්, කෙල්ලන්ගේ මිතුරු සමාජවලද පවනේ වේගයෙන් මේ ආරංචිය පැතිර යන්නට වූහ.
අනේ මං දන්නේ නැහැ… කොහේ ඉඳලා ආපු සෙනඟක්‌ද කියලා. කොහොම හරි පිටරට සුද්දෝ සුද්දියෝ නම් හිටියේ නම් බොහොම අඩුවෙන්. ඔක්‌කොම කොළඹ ඉඳලා ආපු අපේ කොල්ලෝ, කෙල්ලෝ. බලනකොට හැමෝම වගේ දැලි රැවුල් යාන්තමට එන පාසල් යන වයසේ කෙල්ලො, කොල්ලෝ. අපි ඉස්‌සර මේ හෝටල කාමරයක්‌ දුන්නේ දවසකට රු. 4000 ක්‌ 5000 ත් වගේ මිලකට. ඒත් දවසකට ගියේ එකයි දෙකයි. මේ දවස්‌ ටිකේ නම් දෙයියන්ගේ පිහිටෙන් අපි රුපියල් හත් අට දාහකට කාමර ඔක්‌කොම විකුණ ගත්තා.
මම දන්නා හික්‌කඩුවේ හෝටල් හිමියෙකු හික්‌කා 2009 පසුබිම ගැන කීවේ එසේය.
ඔය කියන කලාපයට අපට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. හමුදාව, පොලිසිය දාලා තව තව ආරක්‌ෂක සේවාවල් දාලා වට කරලයි තිබුණේ. දවල් වරුවේ කිසිම උණුසුමක්‌ තිබුණේ නැහැ. නමුත් රාත්‍රියේ තියෙන ඩී ඡේ පාටිය තමයි කවුරුත් ටාගට්‌ කරගෙන හිටියේ. ඒකට යන්න එක්‌කෙනෙකුට ටිකට්‌ එක විතරක්‌ රුපියල් 2500 යි. අනිත් එක කිසිම කෙනෙකුට ඒක ඇතුලට මත්පැන් ගෙනියන්න ලැබුණේ නැහැ. මත්පැන් ඕන නම් දෙගුණයක්‌ මිලට ගන්න මත්පැන් ඕන තරම් සැණකෙළිය ඇතුලේ තිබුණා. අපිටත් ඉතින් හොඳ හොද්ද. අපි තමයි මේ ආපු කෙල්ලො කොල්ලන්ගෙන් භාගෙකට කාමර හොයල දුන්නේ. මත්පැන් ගෙනල්ල දුන්නෙත් අපි. ඇතුළට බොන්න අරන් යන්න බැරි හින්ද හුඟ දෙනෙක්‌ කළේ හොඳට කරටි කැඩෙන්න ගහලා ඇතුළට යන එක. අනේ බලන්න දුකයි. මේ මෙතනට ආපු වැඩි දෙනෙක්‌ ඉස්‌කෝලේ යන වයසේ ළමයි. හැම කොල්ලෙකුටම කෙල්ලෙක්‌ හිටියා. හරි පුදුමයි.
මා දන්නා ත්‍රීවීලර් රියෑදුරෙක්‌ හික්‌කා 2009 ගැන ඔහු දන්නා පසුබිම කීවේ එසේය…
මෙලෙස ඉතා ආරක්ෂාකාරීව සහ විනෝදකාමී මෙම සැණකෙළියට එවකට ජනපති පුතනුවන් වූ නාමල් , යෝෂිත පැමිණියේය.ඔවුන් ලැගුම් ගත්තේ හික්කඩුව අමායා හෝටලයේය.එහි හෝටලයේ උඩම පෙදෙස වෙන්වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ උදවියටය.එම ස්ථානයට රුසියන් ගණිකාවන් සහ ශ්‍රී ලංකා ගැහැණු ළමයින් පිරිසක් ගෙන්වා ගත් යෝෂිත සහ නාමල් කා බි විනෝද වන්නට විය.පසුදින උදෑසන දක්නට වුයේ එලෙස විනෝද වූ ගැහැණු ළමයි කිහිප දෙනෙකුගේ මළමිනී කිහිපයකි.
එම ගැහැණු ළමයින්ට සිදුවුයේ කුමක්ද යන්න අදටත් ගැටලුවකි.මන්ද යත් එවකට මහින්ද රාජපක්ෂ සහ එම පවුලට තිබු බලතල වලින් එම සියලු සිදුවීම් යටපත් කර ඇති නිසාය.

No comments