වාර්තාවේ හිමිකරු අනෙක් අන්තයට වී බලා සීටී.. - කිරන් පොලාඩ්ගේ නින්දිත වැඩක් නිසා කොදෙව් ක්‍රීඩකයෙකුට ලෝක වාර්තාවක් අහිමිව ගිය හැටි (VIDEO)
වාර්තාවේ හිමිකරු අනෙක් අන්තයට වී බලා සීටී.. - කිරන් පොලාඩ්ගේ නින්දිත වැඩක් නිසා කොදෙව් ක්‍රීඩකයෙකුට ලෝක වාර්තාවක් අහිමිව ගිය හැටි (VIDEO)
කොදෙව් ක්‍රීඩක කිරන් පොලාඩ් කළ ක්‍රියාවක් ලොව පුරා බෝහෝ ක්‍රීඩා ලෝලීන්ගේ විවේඡනයට ලක්ව තිබේ..කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ බාර්බෙඩෝස් ට්රිනිඩන්ට්ස් කණ්ඩායම හා නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණු තරඟයකදී මෙය සිදුව ඇත.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කිරන් පොලාර්ඩ්ගේ නායකත්වය දරණ බාර්බෙඩෝස් ට්රිනිඩන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 128ක් ලබාගත්තේය. අනතුරුව පිටියට පිවිසි නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායම පන්දුවාර 7ක් තුළ කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය පසුකිරීමට සමත්විය.
නෙවිස් ප්රේට්රියට්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ එවින් ලුවිස් පන්දු 32කදී ලකුණු 97ක් ලබාගත්තේය.ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 11ක් සහ හතරේ පහර 6ක් අන්තර්ගත විය.
තරඟයේ අටවන පන්දුවාර ක්‍රියාත්මක කිරීමට පැමිණියේ බාර්බෙඩෝස් ට්රිනිඩන්ට්ස් කණ්ඩයමේ නායක කිරාන් පොලාඩ් වන අතර, තරඟයේ ජයග්‍රහණය සඳහා නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායමට පන්දු 78ක් තුළ එක් ලකුණක් අවශ්‍ය විය..ඒ මොහොතේ පන්දුවට පහර දෙමින් සිටියේ එවින් ලුවිස්ය. ඔහු පන්දු 32 තුළ ලකුණු 97ක් ලබා ලොව විස්සයි 20 තරඟ ඉතිහාසයේ දෙවන වේගවත්ම ශතකය රැස්කිරීමට බලාපොරොත්තු දල්වාගෙන සිටියහ.අනෙක් අන්තයේ ඔහුගේ පිතිකරණ සහයකයා වූයේ එම වාර්තාවේ හිමිකරු වන ක්‍රිස් ගේල්ය.අයි පී එල් තරඟයකදී පන්දු 30ක් තුළ ශතකයක් රැස් කරමින් ගේල් මීට වසර කිහිපයකට ඉහතදී එම වාර්තාව තබා තිබුණි.කෙසේ වෙතත් ලුවිස්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් සිතා මතාම නිපන්දුවක් යැවීමට කිරන් පොලාඩ් කටයුතු කළේය.තම හිස දෙපසට වනවමින් පොලාඩ් වෙත සිය අප්‍රසාදය පළකළ ලුවිස් පසුව ඔහුට අතට අත දී ආචාර කළේය.
කෙසේ වෙතත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් යැයි කියන ක්‍රිකට් ක්‍රීඩාවට මෙවැනි සිදුවීම් මහත් අපකිරීත්තියක් ගෙන දෙන්නක් බව බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම විචාරක මතයද විය.
එම වීඩියෝව පහතින්..
Post a Comment