තව තප්පරයක් හරි ඔහුට ජිවත් වෙන්න අස හිතිලා.දසුන් ගැන කිසිවෙක් නොකිව්ව රහස් කතාවක්. VIDEO
තව තප්පරයක් හරි ඔහුට ජිවත් වෙන්න අස හිතිලා.දසුන් ගැන කිසිවෙක් නොකිව්ව රහස් කතාවක්. VIDEO
වෙලාව පස්වරු එක පසු වී විනාඩි හතළිස් හතරයි. පිළියන්දල පොලීසියේ දුරකතනය නාද විය. ලද ඇමතුමට අනුව කියැවුණේ පන්නිපිටිය පැලවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක් තුළ තරුණයෙකු ගෙළ වැළලාගෙන ඇති බවටය.පොලීසිය වහාම ක්‍රියාත්මක විය.
දෙමහල් නිවෙසේ පහළ මාලයේ මැද සාලයෙහි තරුණයෙකු ගෙළ වැළලාගෙනය. එම නිවෙස බෝඩිමකී. එහි සිටිනුයේ තරුණයන් තිදෙනෙකි. ඒ අතර සිටි කඩවසම් තරුණයකු වූ දසුන් නිශාන් මෙලෙස සිය ජිවිතේ ඉරණම් තීන්දුව ගෙන තිබිණි..මෙම පුවත මාධ්‍යයේ සේම සමාජ මාධ්‍යයේද ලැව් ගින්නක් සේ පැතිර ගියේ දසුන් නිශාන් මෙරට නැගී එන රංගන ශිල්පියෙකු වූ නිසාය. ගෙළ වැළලාගෙන සිටි දසුන් නිෂාන්ගේ නිසල දේහය අවට ප්‍රථමව සෝදිසි කිරීමට පොලීස් කණ්ඩායම පියවර ගත්හ.
ඒ අසල වූයේ ස්මාර්ට් ජංගම දුරකතනයකි. එය අසලම වූයේ ලියුම් කඩදාසියකි. සියදිවි හානි කර ගැනීම තමා විසින් තමාගේ වුවමනාවට සිදු කර ගන්නා බවත් මේ සඳහා කිසිම පුද්ගලයෙකු වගකීමට අවශ්‍ය නැති බවත් එම ලියුම් කඩදාසියේ සඳහන් කර තිබිණි. දසුන් නිෂාන්ගේ අත් අකුරින් ලියවුණු එම ලිපිය පොලීස් භාරයට ගැනුණි.අසලවූ ස්මාර්ට් ජංගම දුරකතනය පරික්ෂා කළ පොලීස් නිලධාරීන් ඇස් අදහාගත නොහැකි දර්ශනයක් දුටුවේය.විනාඩි පහක කාලයක් රූගත වීමට සලස්වා තිබු එම දර්ශනවල දසුන් නිශාන් සියදිවි හානි කරගන්නා ආකාරය සටහන් වී තිබිණි.
ITN නාලිකාවේ විකාශය වූ “අපේක්ෂා” ටෙලි නාටකයේ “භුමි” ගේ චරිතයෙන් රංගන දිවියට පිවිසෙන දසුන් නිශාන් කන්ද උඩරට ප්‍රදේශයේ උපත ලැබුවෙකි.
මහනුවර සුමංගල විද්‍යාලයෙන් මුලීක අධ්‍යාපනය හැදෑරු ඔහු අනතුරුව සිය මව සහ මලනුවන් සමඟ මීරිගම, වේවැල්දෙණිය ප්‍රදේශයට පැමිණියේය. දසුන්ගේ පියා විදෙස් සේවය සඳහා කැනඩාවට ගොස් සිටියේය..මීරිගම ඩඩ්ලි සේනානායක විද්‍යාලයෙන් අ.පො.ස සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දසුන් A සාමාර්ථ හයක් ලබාගෙන උසස් පෙළ හැදෑරීම සඳහා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ගියේය.
ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරු දසුන් නිශාන් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් වී තොරතුරු තාක්ෂනය පිළිබඳව උපාධියක් හිමි කරගත් අයෙකි.
2009 වසරේ නිරූපණ ක්ෂේත්රයට පිවිසි ඔහු වෙළඳ දැන්වීම් 50කට අධික සංඛ්‍යාවකට පෙනී සිටි අයකු විය.කවුරුන්ද ඔබ මගේ, රතු පිච්ච, පැහැසරා ආදී ටෙලි නාට්‍යවලින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් නිශාන් ඔහුගේ රංගන දිවියේ තවත් එක් කඩඉමක් පසු කළේ “දේදුනු ආකාසේ” සිනමා පටයට සිය රංගන දායකත්වය ලබා දෙමිනි. තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිත එම සිනමා සිත්තම දසුන්ගේ මංගල සිනමා අත්දැකීමද වීම විශේෂත්වයකි.එම චිත්‍රපටයේ මංගල දර්ශනයට සහභාගී නොවී දසුන් නිශාන් මෙලොවෙන් සමුගෙන ගියේ ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගෙන ඇති වූ සිත් රිදීමක් නිසා බව මුලීක පොලීස් පරීක්ෂණවලදී අනාවරණය විය.
“දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹුරට ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩි කොට – RIP”
දසුන් සියදිවි හානිකර ගැනීමට සති කීපයකට පෙර ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි මෙවැනි සටහනක් ඔහු විසින් තබා තිබිණි. ජිවිතයෙන් සමුගැනීමේ පෙර සලකුණු දසුන් විසින් එලෙස සටහන් කරන්නට ඇත.එසේම දසුන් එම ඉඟිය සම්මුඛ සාකච්ජාවකදී නිවේදකයා ඇසු ප්‍රශ්නයක් මුල් කරගෙන පවසා තිබිණි.
“අපි දැන් සැබෑ ජීවිතය ගත්තොත් ඔබ පෙම් කරනවා කෙනෙකුට, ඒ අතරට තව කෙනෙක් එනවා. එතකොට කොහොමද ඔබ ප්‍රේමය ජය ගන්නේ, මොනවද කරන්නේ.”
නිවේදකයා ඇසු එම ප්‍රශ්නයට දසුන් නිශාන් මඳ සිනහවක් නැඟුවේය.
“ටෙලි Drama එකක් හෝ Film එකක් හරි නම් අවුලක් නැහැ. ඒකට පිටපතක් තියෙනවා. සැබෑ ජීවිතයේදී ඒවාගේ ප්‍රශ්නයක් ආවහම තමයි බලපාන්නේ. පිටපතක් නැහැනේ. ඉතින් මම හිතනවා අපිට දෛවය කියලා පිටපතක් තියෙනවා. ඒ විදියට හැමදේම විසඳෙයි කියලා. මට අනාගත බලාපරොත්තු තියෙනවා නැත්තේ නැහැ. මම ජිවිතේ ගලාගෙන යන්න දීලා තියෙන්නේ. ගලන පැත්තට මම යනවා.” ඒ දසුන්ගේ පිළිතුරය.
සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ දසුන් නිෂාන්ගේ මරණය පිළිබඳව විමර්ශන කටයුතු පිළියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලීස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත එහි සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලීස් පරීක්ෂක උපුල් පෙරේරා, ඇතුළු නිලධාරීන් විසින් සිදු කළහ.ඉකුත් 25 වැනි දින මෙම සියදිවි හානිකර ගැනීම සිදුවූ අතර ඊට පසු දින පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කරනු ලැබීය. ඒ වෛද්‍ය ප්‍රසාදිනී සෙනරත් මහත්මිය විසිනි.ජාත්‍යන්තර පාසලක ගුරුවරියක සමඟ මීට වසර දෙකකට පමණ ඉහතදී විවාහ ගිවිසගෙන ඇති දසුන් මෑතකදී ප්‍රසිද්ධ නිළියක සමඟ සමීප සබඳතාවක් පැවති බව ඔහුගේ මව පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් පවසා සිටියාය.
දසුන්ගේ නිසල දේහය පොලීසිය විසින් භාරදෙනු ලැබුවේ ඔහුගේ විවාහ ගිවිසගත් බිරියහටය.ජනවාරි මාසයේ සිට දසුන් වෙනත් කාන්තාවක් සමඟ සබඳතාවක් පැවැත්වූ බවත් තමාට එය තේරුම් ගිය නිසා තමා දසුන්ගෙන් ඒ පිළිබඳව විමසු බවද ඔහුගේ බිරිය පශ්චාත් මරණ පරීක්ෂණයේ සාක්ෂි ලබාදෙමින් පවසා සිටියේය.තමාගේ විමසීමට අනුව දසුන් එවැනි සබඳතාවක් ඇති බව පිළිගත් බවත් තමා සමඟද සබඳතාව පවත්වාගෙන යෑමට කැමැති බව ඔහු පැවැසූ බවද සාක්ෂි දෙමින් ඇය පැවසුවාය.
අදාළ කාන්තාව සමඟ මෙම සබඳතාව ගැන තමාද දුරකතනයෙන් කතා කර ඇති බව එහිදී ඇය සාක්ෂි ලබා දෙමින් පවසා සිටියාය.දසුන් සියදිවි හානි කර ගැනීමට සතියකට පෙර ගීතයක මුල් පද පේළියක් රචනා කළේය.
“මගේ මරණ මංචකයේ මා නෙතු පියවෙන්නට පෙර එක මොහොතක් මගේ ලඟින් ඇවිත් ඉන්න. ඒ ඇති මට තව තත්පරයක් ජිවත් වෙන්න.”
– ඒ එම ගී පද පේළියයි.
දසුන් එම ගී පද පේළිය ගී පද රචක නදුන් රත්නායකට ලබාදී තිබිණි..අනාගතයේ ප්‍රතිභාපුර්ණ රංගන ශිල්පියෙකු වීමේ ලක්ෂණ පෙන්වූ දසුන් නිශාන් ජිවන රඟමඩලෙන් අකල්හි බැස ගියේය. කලාවට ලැදි අයෙකු යා යුතු වන්නේ ආනන්දයෙන් ප්‍රඥාවටය.සියදිවි හානි කර ගැනීම අප සාධාරණියකරණය කරන්නේ නැත. මන්ද වීරකම වන්නේ සියදිවි හානි කර ගැනීම නොව අභියෝග ජය ගනිමින් ජිවත් වීමය.
කලාකරුවන් යනු රටේ පුර්වාදර්ශි චරිතය. කුඩා දරුවෝ එම චරිත දෙස බලා හැඩගැසෙති. ඔවුන් ඒ තාලයට කොන්ඩේ පීරති, කතාබහා කරති, ඇවිදිති.
තුන්කොන් ප්‍රේමයක තවත් එක් කතාවක් මෙලෙස නිමා වූයේ සියල්ලටම වියෝ දුක ගෙන දෙමිනි.
“ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්..කඳුලින් තුරන් වූ ප්‍රේමයක්……”කුමාරදාස සපුතන්ත්‍රී විසින් පද රචනා කළ මෙම ගීතය මිහිරි හඬින් ගයනුයේ සුනිල් එදිරිසිංහයන් විසිනි.එම ගීතයේ අවසන් පද පෙළ මෙලෙසය.
“පිපි මල් මතින් පියමං කළෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන්
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්”
සොයුර ඔබට තිබුණේ සුබ ගමනකි. ඒ නිසා ඔබට සුබ ගමන් කීමට හිත වාරු නැත. ඔබට නිවන් සුව!
Post a Comment