කාන්තාවන් ලෙස උත්පත්තිය ලබන්නේ පෙර ආත්මවල පව් කළ අය ද? ඔබ මේ ගැන දැන සිටියාද? VIDEO
කාන්තාවන් ලෙස උත්පත්තිය ලබන්නේ පෙර ආත්මවල පව් කළ අය ද? ඔබ මේ ගැන දැන සිටියාද? VIDEO
කාන්තාවන් ලෙස උපදින්නේ දුර්වල කුසල කර්ම නිසාය. සසර කාන්තාවක් නොවූ පුරැෂයෙක්වත් පුරැෂයෙක් නොවු කාන්තාවක්වත් නැත.පරදාර සේවනයේ යෙදුණු කාන්තාවන් සහ පුරැෂයන් එහි විපාක වශයෙන් නරකයෙහි දුක් විඳ පසුව නැවත නැවත කාන්තාවන්ව හෝ නපුංසකව උපදින බව කියවෙයි.
උපනූපන් ජාතිවල පිරිමි බව ලැබීමට කැමති නම් පරපුරැෂ සේවනය, පරස්ත්‍රී සේවනය දුරැකළ යුතුය. දානාදී පින්කම් කොට ස්ත්‍රී භාවයෙහි කැමැත්ත දුරැ කොට පිරිමි බව පැතිය යුතුය. පති දේවතාවා වූ තම ස්වාමියා කෙරෙහි මනාව පිළිපැදිය යුතුය.
තෙවන සිල්පදය බිඳ ගැනීමම කාන්තාවක්ව ඉපැදීම හේතුවක් නොවේ.
☆ බුදුවරයෙකුගේ මව වීම.
☆ බුදුවන ජාතියේ භාර්යයාව වීම.
☆ අග්‍ර ශ්‍රාවිකා වීම.
☆ කාන්තාවක වීමේ ආශාව නිසාත් සමහරැ කාන්තාවන්ලෙසම ඉපැදීමට තවත් හේතුකාරණාය.
☆ බුදුවන ජාතියේ භාර්යයාව වීම.
☆ අග්‍ර ශ්‍රාවිකා වීම.
☆ කාන්තාවක වීමේ ආශාව නිසාත් සමහරැ කාන්තාවන්ලෙසම ඉපැදීමට තවත් හේතුකාරණාය.
තෙවන සිල්පදය බිඳගන්නා කාන්තාවන් මෙන්ම පුරැෂයන් අනිවාර්යයෙන්ම කාන්තාවන් මෙන්ම නපුංසකව උපදින බවට හේතු සාධක බොහෝ ධර්මයෙහි සඳහන් වේ.එක් කළෙක මියුලු නුවර අංගාති නම් රජෙක විසීය. රෑජා නම් ඔහුගේ දියණියට අතීතය සහ අනාගතය ජාතිස්මරණ ඥානයෙන් සිහි කළ හැකි වූවාය.අංගාති රජ දිනක් මිසදිටු ගුණ නම් ආජීවකයාගේ මෙලොව නැත. පරලොව නැත. පින්පව්වල විපාකඵල නැත. සත්ත්වයා ඉබේම පිරිසිදු වෙයි. යන බස් අසා පංචකාම සම්පත්තියෙහි ඇලී වාසය කිරීමට පටන් ගතී. ගුණධර්ම අමතක කළ රජු දන්සැල් සියල්ලම වසා දැමීය. අන්සතු කාන්තාවන් බලහත්කාරයෙන් ගෙනෙමින් කාමයෙන් මත්ව රාජ්‍ය කටයුතු අමතක කර කාලය ගතකලා පමණක් නොව තම දියණියටද පෙහෙවස් සමාදන් වීම දන්දීම ආදිය අත්හරින ලෙසට උපදෙස් දුනී.
මෙහිදී තම පිය රජුට කරැණු පැහැදිළි කළ රැජා නම් දියණිය තමා එක් ආත්මභවයක දී පරදාර කර්මයේ යෙදීමෙන් නරකයෙහි බොහෝ කලක් දුක්විඳි බව පැහැදිලි කලාය.
ඇය කළ අකුසලය නිසා නරකයෙන් මිදී එලුවෙක් වී උපත ලද්දාය. එහි දී බරවැඩවල යෙදවීම සඳහා බීජාවරණය කරන ලදී. ඉන්පසු වානරයෙක් වී උපත ලද්දාය. වානර පියා පැටියා මිහි වූ දිනම දත්වලින් අල්ලා බීජාවරණය කලේය. ස්වර්ණ නම් රටේ දී ගොනෙක්ව ඉපිද ජව සම්පන්න වීම සඳහා නැවතද බීජාවරණය කොට ගැල්වල යොදන ලදී. එම අකුසලය ගෙවී ගිය පසු සිටු කුලයක නපුංසකව ඉපදුනාය. අවසානයේ දී පෙර කුසලයක් මතු වී රැජා නම් දියණිය වූවාය.
ඇය කළ අකුසලය නිසා නරකයෙන් මිදී එලුවෙක් වී උපත ලද්දාය. එහි දී බරවැඩවල යෙදවීම සඳහා බීජාවරණය කරන ලදී. ඉන්පසු වානරයෙක් වී උපත ලද්දාය. වානර පියා පැටියා මිහි වූ දිනම දත්වලින් අල්ලා බීජාවරණය කලේය. ස්වර්ණ නම් රටේ දී ගොනෙක්ව ඉපිද ජව සම්පන්න වීම සඳහා නැවතද බීජාවරණය කොට ගැල්වල යොදන ලදී. එම අකුසලය ගෙවී ගිය පසු සිටු කුලයක නපුංසකව ඉපදුනාය. අවසානයේ දී පෙර කුසලයක් මතු වී රැජා නම් දියණිය වූවාය.
(එයට සමාන ආදීනව ඉසිදාසි රහත් තෙරණියගේ කථාපුවතින් හෙලි වේ. නමුත් මෙහි රැජා නම් අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථාදායක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ තෙරැන් වහන්සේමයයි දත යුතුය)මෙහි ඇය තවදුරටත් කරැණු පැහැදිලි කරමින් පරදාර කර්මය නිසා නරකයෙහිත් තිරිසන්යෝනියෙහිත් ඉපිද තමාට මහත් දුක් විදීමට සිදීවුණු බවත් පියාටත් එම දුක්විදීමට සිදුවනු ඇති බවත් පැවසුවාය.තම දුවගේ උපදෙස් නිසා හොඳ නරක තේරැම්ගත් අංගාතිනම් රජු පසුව නාරද තවුසාගේ උපදෙස්ද මත දසරාධර්මයෙන් රාජ්‍ය කලේය.
මේ අනුව බලවත් කුසලකර්ම නිසා පුරැෂත්වය ලබන බවත් දුර්වල කුසලකර්ම නිසා කාන්තාවන්ව උපතලබන බවත් තේරැම්ගත යුතුය. මහාමායා දේවිය සිදුහත් කුමරැ ඉපදී සත් දිනකින් මියගොස් තුසිත දෙව්ලොව දිව්‍ය පුත්රයෙක්ව ඉපදීමෙන් ද මෙය තහවුරැ වේ.ඔසප්වීම, ගැබ්ගැනීම, දරැවන් බිහිකිරීම, ලාබාල වියේදීම ස්වාමිපුරැෂයා වෙත යෑම හෙවත් නෑයින්ගෙන් වෙන්වීම සහ පුරැෂයාට උපස්ථාන කරන්නියක වීම ආදී වශයෙන් පිරිමියෙක් නොවිදිනා දුක් පහක් කාන්තාව විදින බව බුදුපියාණන් වහන්සේ වදාළ සේක.
පොදුවේ කාන්තාවන් මුහුණ දෙන දුක් කම්කටොලු තේරීගාථා වලින් පැහැදිළි වෙයි. මුත්තා තෙරණිය වංගෙඩියෙන් හා මෝල්ගහෙන් මනාව මිදුණු බවත් සුමංගල මාථා තෙරණිය පිලුණු ගදින් යුතු හැලි වලදින් මිදුණු බවත් පැවසූහ. කිසාගෝතමී තෙරණිය ස්ත්රීත්වයේ කටුක බව මෙසේ පැවසුවායගැහැණු බව දුකකී. විවාහය දුකකී. දරැවන් වැදීමද දුකකී. එහෙත් එම ස්ත්‍රී බව උතුම් වූ ධර්මාවබෝධය සඳහා නම් බාධාවක් නොවේ.
සෝමා තෙරණිය දිනක් මාරයාට මෙසේ පැවසුවාය. “සිත මනා සේ සමාහිත වූ කල්හී අර්හත් මාර්ගඥාණය පවත්නා කල්හී විදර්ශනා ප්‍රඥාවෙන් ධර්මයන් දෙස බලන්නා වූ මට ස්ත්‍රීභාවය කුමක් කරන්නද?”කාන්තා බව උසස් ගුණධර්ම රැකීමට බාධාවක් නොවන බව ඛේමා උත්පලවන්නා ආදී මහරහත් තෙරණියන්ගේ චරිත කථා කියවීමෙන් ද පැහැදිලි වෙයි.
මේ ලිපිය සැකසීමට අදහස් කලේ පසුගිය දිනක මුහුණු පොතෙහි දුටිමි කාන්තාවක් ලෙස උපදිනුයේ කාමයේ වරදවා හැසිරීම නිසාමයි යන මතය තහවුරැ කල ලිපියක්. නමුත් බුදුරජාණන් වහන්සේවත් එවැනි මතයක් කොතනකදීවත් ස්මතුකර නොමැත. ඉහත දැක්වූ ආකාරයේ හේතු කිහිපය මත ද කාන්තා උපත සිදුවන බව බුදුරජාණන් වහන්සේ වදළ සේක.කාන්තා පිරිමි භේදයෙන් තොරව දුලභව ලද මිනිස්දිවියෙන් ධර්මාවබෝධය පිණිසම හික්මී ක්ෂණසම්පත්තියෙන් ඵල නෙලාගන්නා ලෙස සැමට මෙත්සිතින් දන්වා සිටිමි.
Post a Comment