වෙන් වී ගියත්’ ගීතයේ දසුන් එක්ක රඟාපාපු රශ්මි ඔහුගේ මතකයන් සිහි කලේ මෙන්න මෙහෙමයි
වැඩිදුර අධ්‍යාපනයේ නියැලී සිටිමින් රංගනයේ යෙදී සිටින ‘රශ්මි රූත්’ නිරූපණ ක්ෂේත්රයේ මෙන්ම රංගන ක්ෂේත්රයේ මේ දිනවල දකින්න පුළුවන්.
රුවන් හෙට්ටිආරච්චිගේ ‘වෙන් වී ගියත්’ ගීතය සඳහා මීට දින කිහිපයකට ඉහත දී ගෙළ වැලලාගෙන මියගිය රංගන ශිල්පී දසුන් නිෂාන් ද සිල්වා සමග ඇය රංගනයෙන් දායක විය.
ඇයගේ නවතම තොරතුරු සම්බන්ධයෙන් පුවත්පත් වෙබ් අඩවියක තොරතුරු සඳහන් වී තිබෙනවා. එම තොරතුරු පහතින්…
රශ්මි රඟපෑමට මේ දිනවල කොහොමද සම්බන්ධ වෙන්නේ.?
මේ දිනවල නම් මගේ උපාධියෙ තුන්වන වසරේ අධ්‍යාපන කටයුතුවල
යෙදෙනවා. රංග බණ්ඩාරනායක අයියගෙ ‘භවාන්තර’ රඟපෑම උදෙසා ගිය වසරේ සම්මාන උළෙලක හොඳම නිළිය ලෙසත් නම යෝජනා
වුණා. ඒක සතුටට කරුණක්. ඊට අමතරව අරුණ ජයවර්ධන අයියගෙ කෙටි චිත්‍රපටයකත් රඟපෑවා. ගිය වසරේ දී දසුන් නිශාන් (මෑතක දී මියගිය) අයියා එක්ක මියුසික් වීඩියෝවකටත් දායක වුණා.
කොහොමද දසුන් ගැන මතකය?
ඇත්තටම මට මගේම අයියා කෙනෙක් වගේ, හරිම හොඳ සහෝදරයෙක් වුණා. හරි නිහතමානී හිත හොඳ චරිතයක්. රුවන් හෙට්ටිආරච්චි ගයන ‘වෙන්වී ගියත්’ මියුසික් වීඩියෝව බොහොම ජනප්‍රිය වුණා. එහි රූප ජවනිකාවලට රංගනයෙන් දායක වුණේ දසුන් අයියා සහ මමයි.
සූර්යා එක්ක මියුසික් වීඩියෝ කරලා නැද්ද?
තවම නැහැ. නමුත් අපි දෙදෙනාම එකට රඟපාන හොඳ ටෙලි නිර්මාණයක් ලැබුණා. මේ වසර අවසානයට පෙර එහි රූගත කිරීම් සිදුවේවි.
‘රූත්’ කියන නමේ තේරුම කිව්වොත්?
‘සුවපහසුව’ කියන එකලු.
සූර්යාගේ කලා කටයුතු ගැන හිතන්නේ කොහොමද?
මම හිතන්නෙ එයාට ඉතා දුර ගමනක් යන්න පුළුවන් කෙනෙක්. එයාගෙ ගීත හරිම ලස්සනයි. එයා ඇත්තටම දක්ෂයෙක්.
මේ යාළුවෝ දෙන්නා යුග ගීතයක් ගැයුවොත් නරක ද?
මම තවම හඬ පුහුණුව පටන් ගත්තා විතරයි. ‘ගයාත්‍රි කේමදාස’ සංගීතවේදිනිය යටතේ ප්‍රගුණ කරමින් සිටින්නෙ.
රශ්මි වඩා කැමති නිවේදනයට ද? රංගනයට ද?
නිවේදනය සහ රංගනය එකම අවස්ථාවේ දී වගෙයි පටන් ගත්තේ. මට හිතෙන විදියට මම රංගනයට දක්ෂයි. ඒ වගේම ගායනයටත් ආසයි. ඒ අංශය දියුණු කර ගන්න පුළුවන් වුණොත් හොඳයි.
චිත්‍රපට ක්ෂේත්රයට කොහොමද තියෙන කැමැත්ත?
මොන දේ කරන්නත් අම්මා කැමති වෙන්නෙ ඕනෑ. අම්මා කියන විදියට තමයි මම වැඩ කරන්න කැමති. මොකද මගේ සිතැඟි ඉතාම හොඳින්ම දන්නෙ අම්මයි. අම්මාට කවදාවත් පිටුපාන කෙනෙක් නෙවෙයි මම.
රශ්මිගේ අරමුණ මොකක්ද?
ව්‍යාපාර ලෝකයේ ප්‍රධාන විධායකවරියක ලෙස කටයුතු කිරීම තමයි ප්‍රධාන අරමුණ.

Post a Comment